歌词塔 搜索歌曲

Olu Pipila歌词

歌手:小野リサ 专辑:ASIA

ඕලු පිපීලා වෙල ලෙලදෙනවා
සුදට සුදේ නංගෝ
ඕලු නෙලාලා මාල ගොතාලා
දෙන්නද සුදු නංගෝ
එන්න දියේ බැස මා හා
දෙන්න ඔබේ අත මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
වැල නොකැඩී
පෙම් කෙළිමින් යන්නෝ
දන්ඩි පැටව් නංගෝ
කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ
අප කැඳවා නංගෝ
මෙන්න මලක් මා නෙළුවා
ඔන්න ඔබේ ඒ මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
මා පරදිනවා
ඔබගේ දෑතට
මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ
කලබල ඇයි නංගෝ
ඕලු මලේ සුද නාලා
ඔබ රුව වැඩිවෙයි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
ඕලු නෙලාලා මාල ගොතාලා
පලඳිමු අපි මාලා
更多>

小野リサ最新专辑

更多>

小野リサ最新歌曲